Song Title : Kurulu Geetha Handa Makala (කුරුළු ගීත හඬ මකලා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිරංජලා සරෝජිනී
පද : දයා ද අල්විස්
තනුව : සෝමපාල රත්නායක
කුරුළු ගීත හඬ මකලා
මල් පාවඩ බිම හළලා
මගේ ලොවේ සුව වනසා
සැනසුම උණුසුම පලවා
කවුරුන්දෝ එනු දැනුණා
ගහේ වැලේ මල් පිපිලා
කුරුළු පුරේ ගී හැදිලා
ඒ ලස්සන මල් බලන්න
කුරුළු ගීතිකා අහන්න
ආවෙමි සතුටින් පිරිලා
තනිකම සතුටයි දුන්නේ
මිනිස් හඬක් නෑ සෙව්වේ
නොම දී ළඳකට සෙනෙහස
අහකට විසි කළ හින්දා
මේ ලස්සන මට ලැබුණේ
මට ලැබුණේ
කුරුළු ගීත හඬ මකලා
මල් පාවඩ බිම හළලා
මගේ ලොවේ සුව වනසා
සැනසුම උණුසුම පලවා
කවුරුන්දෝ එනු දැනුණා
ගහේ වැලේ මල් පිපිලා
කුරුළු පුරේ ගී හැදිලා
ඒ ලස්සන මල් බලන්න
කුරුළු ගීතිකා අහන්න
ආවෙමි සතුටින් පිරිලා
අහකට විසි කළ සෙනෙහස
කුරුළු තුඩින් මට ලැබුණා
මල් පෙති අග රැඳි සෙනෙහස
සුවඳ බිඳෙන් මට ලැබුණා
අරුමයකි පුදුමයකි
ඒ සෙනෙහස මට ලැබුණා
අරුමයකි පුදුමයකි
ඒ සෙනෙහස මට ලැබුණා ///
0 comments:
Post a Comment