Issara Widhiyata Song Lyrics - ඉස්සර විදියට ගීතයේ පද පෙළ

Issara Widhiyata Song Lyrics - ඉස්සර විදියට ගීතයේ පද පෙළ
Song Title : Issara Widhiyata (ඉස්සර විදියට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : අමරසේන කන්කානම්ගේ
සංගීතය : රෝහණ වීරසිංහ


ඉස්සර විදියට දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ

කරඹ කැළෑවට වවුලෝ ඇවිදින්
රෑ තුන්යම රජ මඟුල් කතී
පාළුව දැනුනම මෙරු රැළ තරහින්
වැලි මාලිග වට කුලල් කති

ඉස්සර විදියට දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ //

රෑ කල තනි යහනේ සැතපෙන විට
දැනුනිද මවකගෙ සෙනෙහෙ ගුණේ
බුදු බණ එතකොට සිහියට එනවද
කියන්න පොඩි හාමුදුරුවනේ

ඉස්සර විදියට දුවපැන යන එක
මතකද තහනම් කරපු දිනේ
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද
කියන්න පොඩි හාමුදුරුවනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment