Hiri Poda Iwasana Song Lyrics - හිරි පොද ඉවසන ගීතයේ පද පෙළ

Hiri Poda Iwasana Song Lyrics - හිරි පොද ඉවසන ගීතයේ පද පෙළ
Song Title : Hiri Poda Iwasana (හිරි පොද ඉවසන)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ මැණික් ජයසේකර
පද : ලූෂන් බුලත්සිංහල
තනුව : තිස්සසිරි පෙරේරා


හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

අහසෙ මාලිගා තනන්නෙපා
ඉහ මත දී කිරි මුට්ටිය බිමට පනී
ඉහ මත ඉර හඳ තියෙන තුරා
ඉහිරුණු කිරකට හඬමුද කුමට අපී

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

වැල යන අතකට මැහි බැඳලා
එන කල දවසට ඉඩදී බලනු වටී
දෑස පෙනේ යන පාර තියේ
බැද්දට තැබු පය පස්සට ගනිමු අපී

හිරි පොද ඉවසන මලක් වගේ
තෙමි තෙමි යන්නේ පාර දිගේ
වහින්නෙ මල් වැහි දෝ

මල් වගෙ ඉන්නට පින් නැති දා
වැස්සට පින්නට හුරු වෙනවා
අහන්නෙ හොඳ නැතිදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment