🌿 මීටර් 2 ක් දක්වා දිගට වැඩෙන වැලෙහි සහ අතුවල කටු පිහිටා තිබේ.
🌿 කුඩා ගස් මත දක්ෂිණාවර්තව එතෙමින් ඉහලට වර්ධනය වේ.
🌿 හාතාවාරිය වැල භූගත කඳක් සහිත වන අතර එයින් හට ගන්නා ආකන්දීය මුල් ආහාර තැන්පත් වීමෙන් මහත්වී අල පොකුරක් ආකාරයට දැක ගත හැකිය.
🌿 සාමාන්‍ය ව්‍යවහාරයේ හාතාවාරිය කොළ ලෙස හැඳින්වුවද උද්භිද විද්‍යාත්මකව ගත් කළ හාතාවාරිය කොළ හට නොගන්නා ශාකයකි. කොළ ලෙස දර්ශනය වනුයේ අතු විකරණය වීමෙන් සෑදෙන ව්‍යුහයන් වන අතර ඒවා ස්කන්ධාභ ලෙස හඳුන්වයි. සැබෑ පත්‍ර ශල්ක බවට ක්ෂීණ වී ඇත.
🌿 එක් ගැටයක් අසලින් ස්කන්ධාභ 2-6 සංඛාවක් පොකුරු ලෙස පිහිටයි.
🌿 ඒකාක්ෂ පුෂ්ප මංජරිය හට ගන්නා මල් සුදු පැහැතිය.
🌿 ඵලය කොළ පැහැති බදරියක්. ඵලයක් තුල බීජ 1-3 සංඛාවක් පිහිටයි.
🌿 හාතාවාරිය Asparagaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
🌿 සන්ධිවාත, අවබාහුක, ස්නායු දුර්වලතා, අපස්මාරය, අර්ශස්, මූර්ජා, වාත පිත්තජ රෝග, සෝම රෝග, ප්‍රජනක පද්ධතියේ දුර්වලතා , මූත්‍ර රෝග, අතීසාර, සන්ධි භග්න, උදර වේදනා, මව්කිරි මදිකම, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමට හාතාවාරිය කොළ, අල, මොටෙයියන් සහ ඇතැම් විට මුල්ද භාවිතා කරයි.
🌿 හාතාවාරිය ශීතකාරක, ශරීර ඌෂ්ණය සමනය කරන, මුත්‍රකාරක, බලකාරක, වාජීකරණ, ශුක්‍ර වර්ධක, කුෂ්ඨ නසන ආදී ගුණයන් රැසක් සහිතයි.
🌿 ලේ පිටවන අර්ශස්, බඩේ දැව්ල්ල සහ ආහාර මාර්ගයේ තුවාල ආදීයට හාතාවාරිය අල ග්‍රෑම් 60 ක් එළකිරි ම්.ලි. 240 ක්, වතුර ලීටර් 1.680 ක් දමා කෂාය කර සීනි මී පැණි අනුපානයෙන් පානය කළ යුතුය.
🌿 රාත්‍රි කාලයට ඇස් පෙනීම දුර්වල අයට හාතාවාරිය කොළ ගිතෙලින් බැද ආහාරයට ගැනීම ගුණය.
🌿 මව්කිරි වර්ධනය කර ගැනීම සඳහා හාතාවාරිය අල හොඳින් සෝදා පිට පොත්ත සහ මැද නාරටිය ඉවත්කර පවනේ වියළා කුඩුකර තබාගෙන වරකට තේ හැඳි 1 බැගින් උදේට එළකිරි සමඟ බීමට නියමකර ඇත.
🌿 අස්ථි බිඳීම්, තැලීම්, උලුක්කු වීම් ආදියේදී හාතාවාරිය කොළ, ඉරමුසු වැල්, සියඹලා කොළ, අමුකහ සමඟ කොටා පොට්ටනි බැඳ වන්ඩුවේ තම්බා තැවීම කළ යුතුය.
🌿 මුත්‍ර අඩස්සියට හාතාවාරිය අල සිහින්ව අඹරා ඇල් වතුරට මිශ්‍රකර පානය කිරීමෙන් මුත්‍ර අඩස්සිය පහව යයි.
🌿 මුත‍්‍ර මාර්ගයෙන් ලේ පිටවීමේ රෝගය සඳහා අමුකහ, හාතාවාරි අල, ගොකටු කිරි කෂාය ගුණදායක ය.
🌿 හාතවාරිය කොළ යුෂ සමග පිසගත් හිනටිහාල් කැඳ (ලුණු නැතිව) ගිතෙල් හා පානය කිරීමෙන් නේත‍්‍ර රෝග සුව වෙයි.
🌿 හාතාවාරිය කොළ කැඳ පානය කිරීම රෝග බෝහෝමයකට ගුණ දායක වන අතර මනා ශරීර සෟක්‍යයකින් විසීමට බෙහෙවින් උපකාරී වෙයි.
🌿 එය රුධිරය වර්ධනය කරන අතර සම පැහැපත් කරයි. ශරීරය කැසීම්, තුවාල ආදිය දුරු කරයි.
🌿 සමෙහි ලප කැළැල් ඉවත් කරයි ශරීරය සිසිල් කරයි. මුඛ රෝග අත් පා දැවිල්ල, කකුල් පැලීම් ආදී රක්ත දෝෂ සමනය කරයි. හිසකෙස්වර්ණවත් කරන අතර හිස කෙස්හැලීම නවතා හිස කෙස්සුදුවීම අඩු කර කෙස් වර්ධනය කරයි.
🌿 පණු රෝ ග නැති කරයි. සෙම් රෝග, කැස්ස, හිසේ රුදාවට මෙන්ම ස්වාස රෝගවලට ඉතා ගුණයි.
🌿 අරුචිය නසා කුසගිනි වඩවයි.
🌿 මළබද්ධය දුරු කරයි. ධාතු වැඩීමටත් ශරීරය පෘෂ්ටිමත් කීරීමටත් උපකාරී වෙයි.
🌿 පිත බහුලවීම නිසා හට ගන්නා දැවිල්ල, අධිකව දහදිය දැමීම, කාන්තාවන්ගේ ඔසප් දෝෂ සමනය කරයි.
🌿 හාතාවාරිය අල ඖෂධ සඳහා භාවිතයට ගැනීමේදී පිට පොත්ත සහ මැද නාරටිය ඉවත්කර ගත යුතු බව සඳහන් කර ඇත. එසේකළ යුත්තේ එම කොටස්වල යම් විෂ සහිත බවක් පවතින නිසා ය.
මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment