🌿 රවුම් හැඩයෙන් යුක්ත පත්‍ර කුඩාය. සෙන්ටි මීටර් 2-4 දක්වා දිගයි. පත්‍රයේ අග කොටස දන්තූරය.
🌿 මල් ඉතා කුඩාය. රෝස පැහැයට හුරු රතු පාටය.
🌿 ඵලය කුඩාය.
🌿 ගොටුකොළ ඉන්දියාවේ සහ ලංකාවේ අඩි 7000 දක්වා උස් ප්‍රදේශයන්හි තෙතමනය සහිත බිම්වල සරුවට වැවේ.
🌿 ගොටුකොළ Apiaceae කුලයට අයත්ය.
ඖෂධීය වටිනාකම
🌿 ගොටුකොළ නැණ නුවණ වඩන, ධාරණ ශක්තිය සරු කරන, කුසගිනි වඩවන ඖෂධයක් ලෙස ආදියේ සිටම ප්‍රසිද්ධය.
🌿 උගුරේ සෙම පහ කොට කටහඬ මිහිරි කරයි. හදවතට හිතකරය.
🌿 රුධිරය පිරිසිදු කරයි.
🌿 පීනස සුව කරයි.
🌿 ඉදිමුම් හා මලබද්ධය පහ කරයි.
🌿 ගොටුකොළ සංස්කෘත ග්‍රන්ථවල හැඳින්වෙන්නේ මණ්ඩුකපර්ණී යන නමිනි.
🌿 මෙරට හීන් ගොටුකොළ සහ මහ ගොටුකොළ යයි දෙවර්ගයකි. මින් හීන් ගොටුකොළ වඩා ගුණදායකය.
🌿 කුඩා දරුවන්ගේ පණු අමාරුවලට ගොටු දඬු හා වළඟසාල් තම්බා බොන්නට දීම මෙරට අනාදිමත් කාලයක සිට පැවති ගෘහස්ත ප්‍රතිකාරයකි.
🌿 ගොටුකොළ තන කිරි වඩවයි. හොරි, වණ ආදියේ කුණ කපා මස ලියලවයි.
🌿 පාණ්ඩුව හා කැස්ස සුවකරයි. ගොටුකොළ කාම ශක්තිය වඩවන ඔසුවකැයි පැවසේ. ගොටුකොළ යුෂ රතුළුෑණු හා වෙනත් ඖෂධ වර්ග සමග එකට යොදා බීමෙන් පීනස, අර්ශස්හා බාලක අතීසාරය හා තොල කට වණ වීම සුව වේ.
🌿 ධාරණ ශක්තිය ලැබීමට ගොටුකොළ චූර්ණයත්, උළුක්කුවට ගොටුකොළ අමු කහ සහ මැල්ල පොතු යොදා තැනූ මැල්ලුමත්, දිවි මකුළු විෂට ගොටුකොළ යුෂයත් ප්‍රත්‍යක්ෂ ඔසු වේ.
“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීරසේයා රූ අන්තර්ජා ලයෙන්
0 comments:
Post a Comment