Song Title : Gan Dale Pipila (ගං දෑලේ පිපිලා)
ගායනය : ප්රදීපා ධර්මදාස සහ කිත්සිරි ජයසේකර
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : සමන්ත පෙරේරා
ගං දෑලේ පිපිලා
දෙපසට වී සුවඳ දී
කවදා හෝ එක බිමේ
ඔබ මා හමු නොවේ //
පායනා උදා ඉරේ
පිපෙන පියුම විලසිනේ
ළා සඳේ සිනා දැලේ
වෙලෙන කුමුදු කැකුළියේ
සඳුට හිමිව පියුම වූ
කුමුද හිරුට නොම පිපේ
ගං දෑලේ පිපිලා
දෙපසට වී සුවඳ දී
කවදා හෝ එක බිමේ
ඔබ මා හමු නොවේ
ජීවිතේ අමා වියේ
බැඳෙන වරම ගිලිහුණේ
ලෝකයේ අනාදරේ
අපට ඇයිද හිමිවුණේ
ගඟට වැටෙමි නටු අගින්
මම ද ගඟට බිලි වෙමි
ගං දෑලේ පිපිලා
දෙපසට වී සුවඳ දී
කවදා හෝ එක බිමේ
ඔබ මා හමු නොවේ //
0 comments:
Post a Comment