Epa Sande Obe Sina Song Lyrics - එපා ස‍ඳේ ඔබේ සිනා ගීතයේ පද පෙළ

Epa Sande Obe Sina Song Lyrics - එපා ස‍ඳේ ඔබේ සිනා ගීතයේ පද පෙළ
Song Title : Epa Sande Obe Sina (එපා ස‍ඳේ ඔබේ සිනා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය : රෝහණ වීරසිංහ


එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ

අඹ මල් යායේ බිඟු දැල් හී ඒ
මිහිලොල් සරා හැඟුම් පීදුනා
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොද සැලී ලවන් සේදුනා
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment