Ekamath Eka Rataka Onna Song Lyrics - එකමත් එක රටක ඔන්න ගීතයේ පද පෙළ

Ekamath Eka Rataka Onna Song Lyrics - එකමත් එක රටක ඔන්න ගීතයේ පද පෙළ
Song Title : Ekamath Eka Rataka Onna (එකමත් එක රටක ඔන්න)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ලංකා චන්ද්‍ර ආරියරත්න
තනුව : ආනන්ද ජයසිංහ


එකමත් එක රටක ඔන්න ඉස්සර කාලේ
මස් කන්නට බොහොම කැමති බල්ලෙක් හිටියා

එක දවසක් මේ බල්ලා මස් කඩයක් ළඟින් යද්දි
මසුත් සමග මස් කටුවක් අහුලා ගත්තා

මස් කටුවත් කටින් අරං සන්තෝසෙන් උඩ පැන පැන
ගෙදර ගිහිං කන්න හිතා දුවන්න ගත්තා

බල්ල ගෙදර යන පාරේ දියපාරෙන් එගොඩ වෙන්න
දමා තිබුණ ඒදණ්ඩෙන් යන්නට තිබුණා

ඒදණ්ඩෙන් යන අතරෙදි නිකමට මෙන් බිම බැලුවම
මස් කටුවක් කටින් ගත්ත බල්ලෙකු පෙනුණා

ඒ බල්ලා බය ගන්වා ඒ මස් කටුව ද ගන්නට
හිතා ගත්තු මේ බල්ලා බුඃ බුඃ ගෑවා

කටේ තිබුණ මස් කටුවද ජබොස් ගාලා දියට වැටුණි
දියේ පෙනුණෙ සෙවණැල්ලයි බල්ල රැවටුණා

තමන්ට තිබියදිත් එකක් අනුන්ගෙ ඒවා ගන්නට
ගියොත් කාට වුවත් වන්නෙ
ඔන්න ඔය ටිකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment