ගුරුන්නාන්සෙ හවස් ජාමෙ වෙනකොට වැඩ අහවර වෙලා ගෙදර එනව.ඒ එනකොට ඈත තියා ඉස්සරහ දොරේ උලුවස්සෙන් දකින දෙයින් ගුරුන්නාන්සෙ කීරි ගැහෙනව.ලේ විලක් මැද වටිල ඉන්නෙ තමන්ගෙ ආදරණීය බිරිද.ගිඩි ගිඩි ගාල ගැහෙන හදවතින් ගේ ඇතුලට පිය මනින ගුරුන්නාන්සෙ දකින දර්ශනය හද කම්පා කරන්නක්.එයාගෙ බිරිදගෙ බඩ පලල ගත්ත දරු පැටියගෙ බාගයක් කාල එතනම බිම දාල තිබුන.ලේ යාමත් කම්පනයත් හන්ද දරු පටියගෙ අම්මත් මිය ගිහින් උන්න.එතනම ඉස්සරහ බිත්තියෙ ලේ වලින් මෙහෙම ලියල තිබුන."මෙච්චර කල් මාව හිර කරාට පලිය මම උබෙන් ගත්ත.." තමන්ගෙ මුලු ලොකෙම මේ විදියට ඇස් ඉස්සරහ කඩන් වැටිල තියන මේ වෙලාවෙ කපු මහත්තය මාරාවෙශ උනා.යකා ඉවරක් කරන්න හිතන් මගට බැස්ස.කැලේ මැදට ගියපු කපු මහත්තය වැලි වලින් රවුම් දෙකක් අදිනව.ඒ එක රවුමකට යකාට තමන් ලගට එන්න බැරි වෙන්න ආරක්ශක මන්තරයක් මතුරල ඒ රවුම අතුලෙ ඉදන් මතුරනව යකා ගෙන්නගන්න.ටික වෙලාවයි එහෙම මතුරන්නෙ.කැලේ දෙවනත් කරන් යකා මතු වෙනව.ලොවි ගෙඩි වගේ රතු උන එලියට පනින්න තරම් ඉදිරියට නෙරපු ඇස් දෙක,කටින් එලියට පැනපු දත් කුට්ටම වගේම එලියට දික් කරගත්ත රතු පාට දිව,කාලවර්ණ ලොම් පිරුන ශරීරය වගේම මහත බඩගෙඩිය,අගිලි වලින් දිගට නෙරපු නියපොතු පිහිටන යකෙක් දැක්කම ඕනෙම චන්ඩියෙක් සසල වෙනව.කපු මහත්තය ජප කරන මන්තර වලින් යකා එහා ඇදපු රවුම මැද නතර වෙලා හිර වෙනව.ඊලගට කියන මන්තර වලින් රවුම මැද ගිනි ඇවිලෙනව.යකාගෙ කෙදිරිලි හඩින් මුලු කැලේම දෙවනත් වෙනව.තමන්ගෙ බිරිද අර දරු පැටිය කොයි තරම් වේදනා විදින්න ඇද්ද කියල හිතුනම මන්තර වල වේගෙ වැඩි උනා.අන්තිමට යකා දැවිල අලු වෙනව.තමන්ගෙ පලි ගැනීම සාර්තක උනා වගෙම තමන්ට තිබුන ලොකෙ යකා හන්ද විනාශ උන දුක නැති කරගන්න මොනවද කරන්න ඕනෙ කියන එක දැනන් හිටියෙ කපු මහත්තයගෙ ඉනේ රැදුන කිනිස්ස විතරයි... පපුව හරහ වේගෙන් එල්ල කරගත්ත කිනිසි පාරින් කපා හෙලපු කෙසෙල් කදක් වගේ කපු මහත්තය රවුම ඇතුලෙ මැරිල වැටෙනව...
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment