Song Title : Dase Kalum (දෑසේ කැළුම්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ
ගලා යන්නෙ ගඟුලක් වගේ නම්
ළතැවෙන්න ඉවුරේ ඉමි //
තරු මල් ඔබේ නම් රාත්‍රියේ
මම අන්ධකාරේ ඉමි
දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ
නෙළා ගන්න ඔබ සිත් බඳී නම්
පරවෙන්න සුපිපී ඉමි //
භවයෙන් භවේ මතු ආත්මයේ
ඉම තෙක්ම පෑහී ඉමි
දෑසේ කැළුම් කැන් මවා දී
ඔබ මා නිවාලන්නේ
ඒ නෙත් කැළුම් කැන් නිවා දී
කිමදෝ දවාලන්නේ
0 comments:
Post a Comment