- පොඩි ටින් කිරි 1
- චොක්ලට් පවුඩර් කෝප්ප 1/2
- කෝන් පිටි මේස හැඳි 3
- වතුර කෝප්ප 2
- ඩාක් චොක්ලට් කෑල්ලක් (30 g)
- වැනිලා තේ හැඳි 2
- ලුණු ස්වල්පයක් (තේ හැඳි 1/8)
- සීනි මේස හැඳි 1
✅ සාදා ගන්නා ආකාරය :
- ♦️ මුලින්ම චොක්ලට් පවුඩර් ටික සහ කෝන් පිටි ටික බෝල් එකකට හලා ගන්න.පසුව ටින් කිරි එක කඩල ඒකට දාල හොඳට කවලම් කරන්න.
- ♦️ ඉන්පසු ටින් කිරි භාජනයට වතුර කෝප්පයක් දමා හොඳින් සෝදා එයද එක් කර විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කර නැවත වතුර කෝප්පයක් එකතු කර හොඳට කවලම් කරන්න.
- ♦️ දැන් ලුණු ඇබින්දක් එක් කොට අවශ්‍ය නම් පමණක් සීනි මේස හැන්දක් එකතු කර ලිප තබන්න.(ගින්දර වැඩි කර ගන්න එපා.මධ්‍යම ප්‍රමාණයට තබන්න.) ලිප තබා හොඳින් හැදි ගාන්න.
- ♦️ මෙම මිශ්‍රණය ඝන වීගෙන එන විට ඩාක් චොකලට් කෑල්ල ග්‍රේට් කරල දාන්න.දාල හොඳට විස්ක් එකකින් කවලම් කරන්න.දැන් වැනිලා ස්වල්පයක් එකතු කරන්න.🔴 ඩාක් චොක්ලට් පොඩි ප්‍රමාණයක් තියා ගන්න.මොකද පුඩිම හැදුවට පස්සෙ උඩට දාල සරස ගන්න ඕන නිසා.🔴🔴 මේකට ඩාක් චොක්ලට්ම ඕන නැහැ.ඔය කඩේ තියන රු.20 චොකලට් 2 ක් හෝ අර රු.5 ට තියන චොකලට් කෑලි ටිකක් අර ගන්න ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.😃👹️ මතක තබා ගන්න පුඩිම ඕනවට වඩා ඝන වෙන්න දෙන්නෙ නැතුව ලිප නිවන්න.මොකද භාජනයේ රස්නයට තවත් ඝන උනොත් අර දොදොල් පට්ට වගේ කෑලි හිටිනවා පුඩිමෙ.
- ♦️ ලිපෙන් බාල පුඩිම වෙනත් භාජනට වක් කරන්න.හැබැයි ඕනවට වඩා ඝන වෙලා දොදොල් පට්ට වගේ උනානම් ස්ප්‍රැචූලා එකක් අරන් හෙමිහිට ලෙවල් කරන්න.පුඩිම ගානට ආව නම් කණ්නාඩියක් වගේ හරි ලස්සනට සෙට් වෙනවා.
- ♦️ දැන් පුඩිම නිවෙන්න තියන්න.මම නම් වතුර එකක තිබ්බ ඉක්මනට නිවා ගන්න ඕන නිසා.හොඳටම නිවුණු පසු භාජනයේ කට වහල ශීතකරණයේ තබන්න.(අඩුම පැය 3 ක් වත් තියන්න.මම නම් රැයක්ම තියල තමයි අර ගත්තෙ.)
- ♦️ දැන් හරිම ලස්සනට සෙට් උන පුඩිමට ටොපින් එකක් දා ගන්න.ටොපින් එකට චොක්ලට් ගානිෂ් එකක් හදා ගෙන උඩින් වක් කරන්න.ඒක කැමති පරිදි කරන්න.චොකලට් කෑල්ලක් ග්‍රේට් කරල දාල පසුව කජු ටිකක් හෝ ස්ප්‍රින්කල් ටිකක් උඩින් ඉසින්න.
- 👹️ ටොපින් එකත් හොඳට ශීතකරණයේ තියල අර ගන්න. පොඩ්ඩක් වත් රස්නෙ තියෙද්දි නම් පුඩිම උඩට වක් කරන්න එපා. ඒකට ඉතින් පුඩිම හදපු ගමන්ම පොඩි චොකලට් ගානිෂ් එකක් හදල ශීතකරණයේ තියන්න.එතකොට ඒකත් ගානටම හරි යනවා.
🔴 මට ඉක්මනට පුඩිම හදන්න ඕන උනා. නැත්නම් කඩෙන් ටින් කිරි ගන්නෙ නැහැ. ගෙදරම හදා ගන්නවා.ඔයාලට ටින් කිරි ගෙදරදීම ඉතාම අඩු පිරිවැයකින් ඉක්මනින්ම හදන හැටි මම කලින් මෙහි පළ කරලා ඇති. අවශ්‍ය අය එක බලන්න.
🔴🔴 සමහර විට හිතේවි ඔයාලට මගේ රෙසිපි සටහන් ඉතාම දීර්ඝ ඒවා කියල.ඔව්. ඒක මගේ වෘත්තීයේ ස්වභාවයනේ.අපි සිසුන්ට උගන් වන්නෙ කිසිඳු ගැටළුවක් මතු නොවෙන විදියට නේ.දැන් මේ පුඩිම හදන්න යන්නෙ උපරිම විනාඩි 15 ක් වගේ.ඒත් පොඩි හරි දෙයක් මට කියන්න බැරි උනොත් අපරාදෙනේ ඔයාලයි උත්සාහය.මොකද මේක ඉස්සෙල්ලම හදන්න උත්සාහ කරන කෙනෙක් හිටියොත් නේද? මම අර කිව්වෙ විනාඩි 15 වැඩේ උනාට එක විනාඩියක් වැඩි උනොත් දොදොල් පට්ට වගේ කෑලි හිටිනවා කියල. එහෙම උනොත් නියම ප්‍රමිතිය නැති වෙනව නේ.අන්න ඒකයි මම සමහර කාරණා අනවශ්‍ය ලෙස විස්තර කරන්නෙ.😃😃
🔴🔴🔴 අනිත් කාරණය.දැන් අපි හිතමු අපි හදන පුඩිම ඕනවට වඩා ඝන වෙලා අර කෑලි කෑලි දොදොල් පට්ට වගේ උනා කියල.ලස්සනට ස්මූත් එකට සෙට් උනේ නෑ කියල.ඉතින් එතකොට මොකද කරන්නෙ.😃 😃 කමක් නෑ. එතකොට ස්ප්‍රැචූලා එකකින් හෝ හැන්දකින් උපරිමයෙන්ම ලෙවල් කරල ශීතකරණයේ තියන්න.පසුව ටොපින් එක ටිකක් ඝන කමට හදල ඒක වහන්න පුළුවන්. එකකොට ඒක පේන්නෙ නැහැ.හරි නේද ?
😃😃 දැන් ඔයාල අහන්න බැරි නෑ කොහොමද ටොපින් එක හදා ගන්නෙ කියල. හරි ඒකත් ඉක්මනට කියන්නම්.
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- චොක්ලට් පවුඩර් මේස හැඳි 8
- සීනි මේස හැඳි 6
- කෝන් පිටි මේස හැඳි 1
- ලුණු තේ හැඳි 1/8
- කිරි කෝප්ප 3/4
- බටර් මේස හැඳි 1
- වැනිලා ස්වල්පයක්
✅ සාදා ගන්නා ආකාරය :
- ♦️ මුලින්ම නන්ස්ටික් භාජනයක් අරන් කොකෝවා පවුඩර්,සීනි සහ ලුණු ස්වල්පය දාල හොඳට කවලම් කරන්න.
- ♦️ කිරි මේස හැඳි 5 ක් වගේ දාල කෝන් පිටි ටික දිය කර ගෙන පසෙකින් තබන්න.
- ♦️ දැන් කිරි ටිකෙන් ටික දාල හොදට විස්ක් එකකින් කවලම් කරල ලිප තබන්න. මේ අවස්ථාවේදීත් ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා ගන්න.ලිපේ තියන අතර තුර හොඳට විස්ක් කරන්න.
- ♦️ විනාඩි 5 ක් වගේ ගියාම දිය කර ගත් කෝන් පිටි ටික එකතු කරල හොඳට විස්ක් කරන්න.ටිකෙන් ටික තික් වෙලා එද්දි වැනිලා එකතු කරන්න.
- ♦️ හොඳට පදමට තික් වෙලා එද්දි (මැදින් බුබුළු දාන එන විට) බටර් ටික එකතු කරල හොඳට කවලම් කරන්න.
- ♦️ දැන් ලිපෙන් බාල හොඳට නිවෙන්න තියල ශීතකරණයේ තියන්න.
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා.
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸
✍️ ගයාන් විදාන පතිරණ
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.
0 comments:
Post a Comment