Camellia Mal Suwandata (Cinderella) Song Lyrics - කැමීලියා මල් සුවඳට (සින්ඩරෙල්ලා) ගීතයේ පද පෙළ

Camellia Mal Suwandata (Cinderella) Song Lyrics - කැමීලියා මල් සුවඳට (සින්ඩරෙල්ලා) ගීතයේ පද පෙළ
Song Title : Camellia Mal Suwandata (Cinderella) (කැමීලියා මල් සුවඳට (සින්ඩරෙල්ලා))
ගායනය : කිත්සිරි ජයසේකර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : චාමින්ද රත්නසූරිය


කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment