Bo Saminduni Getambe (Mahaweli Sihile) Song Lyrics - බෝ සමිඳුනි ගැටඹේ (මහවැලි සිහිලේ) ගීතයේ පද පෙළ

Bo Saminduni Getambe (Mahaweli Sihile) Song Lyrics - බෝ සමිඳුනි ගැටඹේ (මහවැලි සිහිලේ) ගීතයේ පද පෙළ
Song Title : Bo Saminduni Getambe (Mahaweli Sihile) (බෝ සමිඳුනි ගැටඹේ - මහවැලි සිහිලේ)
ගායනය : නාලිනී රණසිංහ
පද : බන්දුල වර්ණකුලසූරිය
තනුව : නාලිනී රණසිංහ


මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ //

දහස් දෙනෙත් පහනේ එළියේ
මිනිස් තඹුරු වනයේ සුවඳේ //
සිත සිත රඳනා
වදනක් වනු මැන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහා සසර මහවැලි දියඹේ
නොසල විපුල බල ලද දුමිඳේ //
ගත ගත නිවනා
ඔසුවක් වනු මැන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment