Bari Bara Hindayi Song Lyrics - බැරි බර හින්දයි ගීතයේ පද පෙළ

Bari Bara Hindayi Song Lyrics - බැරි බර හින්දයි ගීතයේ පද පෙළ
Song Title : Bari Bara Hindayi (බැරි බර හින්දයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : වික්ටර් රත්නායක


බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තණිය ව ඔබ මිණිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

කොළින් කොළට අතු ඉති පල දැරුවත්
ගහ වැඩි පුර ගෙඩි බිම හෙලුවා
හිසෙත් හිතෙත් බර කොතරම් තිබුණත්
ඔබට එකයි කාගෙත් දරුවා

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තණිය ව ඔබ මිණිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

වැරහැලි ඇඳලා සැප නැත දැකලා
රුව දුටුවම හදවත ඇල් වෙයි
ඔබ බුදු වන්නේ ගහ කොළ යට නොව
ගිහිගෙයි ගින්දර ලිප මුල්ලේ

බැරි බර හින්දයි දරුවන් දුන්නේ
දරුවන්ටත් දැන් දරුවන් ඉන්නේ
මිත්තණිය ව ඔබ මිණිබිරියන්ගෙත්
බර ඇයි උහුලන්නේ අම්මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment