Aya Mata Seetha Devi Nowe Song Lyrics - ඇය මට සීතා දේවී නොවේ ගීතයේ පද පෙළ

Aya Mata Seetha Devi Nowe Song Lyrics - ඇය මට සීතා දේවී නොවේ ගීතයේ පද පෙළ
Song Title : Aya Mata Seetha Devi Nowe (ඇය මට සීතා දේවී නොවේ)
ගායනය : දයාරත්න පෙරේරා
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


ඇය මට සීතා දේවී නොවේ
අතැර දා මා සෙනේ
යන්න යා නම් ඔහේ
ඉතිං යන්නේ නැතේ ආයේ මා //
සීතා දේවී කොහේ

නීලාකාසේ රෑ තුන් යාමේ
තාරකා ලෙසේ නුවන් පිපේදෝ
නීලාකාසේ පායන්නා සේ
ඉන්ද්‍රචාප නෙත් බැමේ තිබේදෝ
මං මුළා වී නැතේ
වේදනා නෑ සිතේ
යන්න යා නම් යාදෙන්
මා නම් නෑ එන්නේ

ඇය මට සීතා දේවී නොවේ
අතැර දා මා සෙනේ
යන්න යා නම් ඔහේ
ඉතිං යන්නේ නැතේ ආයේ මා
සීතා දේවී කොහේ

මාලා සෙවු ඒ සාලිය වාගේ
ආදරේ පුදන්නෙ නෑ ළඳේ මා
දස්කොන් වාගේ රොමියෝ වාගේ
ජීවිතේ පුදන්නෙ නෑ ළඳේ මා
මං මුළා වී නැතේ
වේදනා නෑ සිතේ
යන්න යා නම් යාදෙන්
මා නම් නෑ යන්නේ

ඇය මට සීතා දේවී නොවේ
අතැර දා මා සෙනේ
යන්න යා නම් ඔහේ
ඉතිං යන්නේ නැතේ ආයේ මා
සීතා දේවී කොහේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment