Aya Dompe Aya Song Lyrics - ආයා දොම්පෙ ආයා ගීතයේ පද පෙළ

Aya Dompe Aya Song Lyrics - ආයා දොම්පෙ ආයා ගීතයේ පද පෙළ
Song Title : Aya Dompe Aya (ආයා දොම්පෙ ආයා)
Singing : Desmond de Silva


ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
අංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියා
පපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකා
ගියා ගියා යන්ට ගියා ගමට ගිහින් එන්න ගියා
නෑ නෑ තවමත් නෑ නෑ
එහෙම යයිද අපේ දොම්පෙ ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

පළල් උකුල ගස්ස ගස්ස ආයා යනකොට
කොළඹ හතේ බෙන්ස් කාර් එනවනෙ ලඟට
ලක්සන ආයගෙ හැඩරුව හින්ද කරුමෙට
නෝනා එනවා මහත්තයත් එක්ක යුද්දෙට
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

දොම්පෙ ඉඳලා කොළඹ ආවේ පුංචි ආයා දැන්
හරි ලස්සන වෙලා මගේ නෝනා වාගේ පෙම්
ආදරේට අතින් ඇදල රහස කීවේ මං
කැමති නැතුව වගේ යන්නෙ මොකද රත්තරන්
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

ආයා වරෙන් මගේ ලඟට galle face එකට යන්න
උඹේ ලස්සන රෝස පාට තොල් පෙති වල රස බලන්න
රස බල බල ice කිරිම් බාල්දියක් අරන් දෙන්න
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aya Dompe Aya Song Lyrics - ආයා දොම්පෙ ආයා ගීතයේ පද පෙළ Aya Dompe Aya Song Lyrics - ආයා දොම්පෙ ආයා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 12, 2022 Rating: 5

0 comments:

Post a Comment