Aw Kannadiyen Song Lyrics - අවු කණ්නාඩියෙන් ගීතයේ පද පෙළ

Aw Kannadiyen Song Lyrics - අවු කණ්නාඩියෙන් ගීතයේ පද පෙළ
Song Title : Aw Kannadiyen (අවු කණ්නාඩියෙන්)
ගායනය : කිත්සිරි ජයසේකර
ගී පද : චාමින්ද රත්නසූරිය
සංගීතය : ලෙලුම් රත්නායක


අවු කණ්නාඩියෙන්
බලන්නට තරම්
මේ ගිම්හානය තියෙන්නෙ නෑ
වැස්සක ලකුණු අරන්
දැනටමත් වැහි මේඝයක් ඇවිල්ලා
ඇහුණාද යාළුවේ
ජීවිතය
හිතන තරම් සුන්දරත් නෑ
අවු කණ්නාඩියෙන්
පේන තරම් ලස්සනත් නෑ

කෙටි සාය ඇඳන්
සුපුල් වටොර රැඟුම්
බැලුවාට ඇස් අගින් මත් බිඟුන්
ඇහුණාද යාළුවේ
ආදරය
හඳුණන සොඳුරු සිතක්
හොයාගන්න
හිතුවට ලේසි නෑ

ගිරා බස්ම දොඩන
නුඹ ළඟට ඇවිත්
තියා යාවි උකුළු වට සිහින පැසක්
ඇහුණාද යාළුවේ
ජීවිතය
හඳුණන සොඳුරු සිතක්
හොයාගන්න
හිතුවට ලේසි නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment