Atha Hinahena Tharakawee Song Lyrics - ඈත හිනැහෙන තාරකාවී ගීතයේ පද පෙළ

Atha Hinahena Tharakawee Song Lyrics - ඈත හිනැහෙන තාරකාවී ගීතයේ පද පෙළ

Atha Hinahena Tharakawee Song Lyrics - ඈත හිනැහෙන තාරකාවී ගීතයේ පද පෙළ
Song Title : Atha Hinahena Tharakawee (ඈත හිනැහෙන තාරකාවී)
ගායනය : යමුනා විනෝදනී සමග දයාරත්න පෙරේරා
පද : කුසුම් පීරිස්
තනුව : තිස්සසිරි පෙරේරා


ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන
කතා කරනා ඔබේ නෙත් මත
මගේ රූ සිතුවම් මවන්නම්

නෙතට ළංවී හිඳින මොහොතේ
සුසුම් ලා ඉන්නේ කුමකටදෝ
වෙන කවුරුවත් නැති මං තලාවක
ඇවිදගෙන යමු නිසංසල යාමේ

ළදළු මුව මත සීත පින්නේ
ළහිරු එළියෙන් මුවාවී ගෙන
මගේ උණුසුම් සුසුම් සෙවණක
මිලින කඳුළක් හිනහුනාවේ

පවන් සලනා සොඳුරු මඳනල
මා හදේ රැන්දූ සෙනෙහසේ
ඔබ වාසනාවන් සුන්දරාවිය
දිවි තලාවේ අරුත දුන්නාදෝ

ඈත හිනැහෙන තාරකාවී
සහන් එළියෙන් මඟ අසාගෙන
කතා කරනා අපේ නෙත් මත
සොඳුරු සිතුවම් පෙමින් හමුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Hinahena Tharakawee Song Lyrics - ඈත හිනැහෙන තාරකාවී ගීතයේ පද පෙළ Atha Hinahena Tharakawee Song Lyrics - ඈත හිනැහෙන තාරකාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2022 Rating: 5

0 comments:

Post a Comment