Asuru Sanin Eka Mohothakadi Song Lyrics - අසුරු සැණින් එක මොහොතකදී ගීතයේ පද පෙළ

Asuru Sanin Eka Mohothakadi Song Lyrics - අසුරු සැණින් එක මොහොතකදී ගීතයේ පද පෙළ
Song Title : Asuru Sanin Eka Mohothakadi (අසුරු සැණින් එක මොහොතකදී)
ගායනය : යමුනා විනෝදනී
සංගීතය : ලෙස්ලි අශෝකා
ගී පද : කුසුම් පීරිස්


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment