Asha Mal Peede Nil Dase Song Lyrics - ආශා මල් පීදේ නිල් දෑසේ ගීතයේ පද පෙළ

Asha Mal Peede Nil Dase Song Lyrics - ආශා මල් පීදේ නිල් දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Asha Mal Peede Nil Dase  (ආශා මල් පීදේ නිල් දෑසේ)
ගායනය : රොහාන් ද සිල්වා
සංගීතය : රූකාන්ත ගුණතිලක
පද රචනය : හෙක්ටර් විජේසිරි


ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ //

පින්නේ පිපුණු මල වගේ
කන්දේ නැගුණු සඳ වගේ
නෙත පුරා රුව ඇදී දිලේවී
වෙන්ව නොයිද ළංවෙලා
දෙන්න සහන සනසලා
ඔබ නිසා සිත හඬා වැටේවී
පැතු සිහිනේ ඉටුවේදෝ

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ

සසර පුරුදු ගති ලෙසේ
බවෙන් බවය අප මෙසේ
මුණ ගැසී වෙන් වෙලා ගියාදෝ
කඳුල ඔබද මගේ නෙතේ
සතුට ඔබද මගේ සිතේ
අහිමිදෝ මට ඔබේ සෙනේහේ
යලි කවදා හමුවේදෝ

ආශා මල් පීදේ නිල් දෑසේ
කිවේ මට කිවේ හොර රහසේ
ඔබෙ සෙනෙහස නේදෝ
එය මට හිමිවේදෝ
සිහිනේ විලසේ
මැකිලා යාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment