1988 මහ සිකුරාදා දිනයේදී මිතුරෙකුගේ නිවසක සිට ආපසු තම නිවස බලා යමින් සිටියදී අට හැවිරිදි ඒප්‍රිල් ටින්ස්ලි අතුරුදහන් විය. දින තුනක් තිස්සේ ඇගේ මව වන ජැනට් ටින්ස්ලි හා ප්‍රදේශවාසීන් ඇයව සෑම තැනකම සෙව්වද ඔවුනට කිසිදු හෝඩුවාවක් ලැබුනේ නැත. එහෙත් තුන්වන දිනයේ කුඩා දැරියගේ සිරුර ඇගේ නිවසේ සිට සැතපුම් 20 ක් ඈතින් පිහිටි ගම්බද ඉන්දියානා ගොවිබිමක පිහිටි වළක දී ඇයව අමානුෂිකව දූෂණය කර ඝාතනය කොට දමාගොස් තිබියදී හමු විය.
එහෙත් පැන නැගුන ගැටළුව නම් කිසිවෙක් හෝ මේ කුඩා දැරිවිය පැහැරගෙන යන ආකාරය දැක නොතිබීම සහ අපරාධ ස්ථානය පාළු හා පුළුල් වූ අතර දැරියගේ සිරුර හැර වෙනත් කිසිදු හෝඩුවාවක් නොලැබුණි. මිනීමරුවාට එයින් ගැලවී යාමට හැකි බව භයානක ලෙස පෙනෙන්නට තිබුණි. ඇගේ ඇඳුම්වල සැකකරුගේ ශුක්‍ර තරල අඩංගු වූ නමුත් එකල ඩීඑන්ඒ පැතිකඩක් සෑදීමට එය ප්‍රමාණවත් නොවීය. පොලිසියටද නියම මිනී මරුවා සොයා ගැනීමට අපහසු නිසා විවිධ සැක කරුවන්ගෙන් ප්‍රශ්න කලද ඒ සියල්ලක්ම අසාර්ථක විය. තමුන් අතර මිනීමරුවකු ගැවසෙන බව දන්නා ෆෝට් වේන්හි පදිංචිකරුවන් බියෙන් ජීවත් වූහ. එහෙත් සියල්ල කණපිට පෙරලී ගියේ වසර දෙකකට පසු හමු වූ අලුත් සාක්ෂියත් සමගය.
ඇගේ සිරුර හමු වූ ස්ථානය අසල තිබූ බිත්තියක් මත කුඩා දැරියගේ ඝාතකයා ලියන ලද සටහනක් පොලිසිය විසින් 1990 මැයි මාසයේ සොයා ගන්නා ලදී. "මම අට හැවිරිදි අප්රේල් මාරි ටින්ස්ලි මරා දමමි. මම ඉදිරියටත් මරා දමමි." ලෙස එහි සටහන්ව තිබිණි. මෙම ලිපියත් සමගම පොලිසියට ඝාතකයාගේ මනෝභාවය පිළිබද පැහැදිලි චිත්‍රයක් ලබා ගත හැකි වුවද ඝාතකයා හරියටම කව්දැයි සොයා ගැනීමට නොහැකි විය. තවත් වසර 14 ගත විය.
2004 අනුස්මරණ දින සති අන්තයේදී එමිලි හිග්ස් නම් කුඩා දැරිය ඇගේ රෝස පැහැති බයිසිකලයේ එල්ලා තිබී ප්ලාස්ටික් බෑගයක් සොයා ගත්තාය. හත් හැවිරිදි දැරිය එය ඇගේ මව වෙත ගෙන ආ අතර එතුල තිබී ඇයට ලිපියක් හමුවන ලදී. “එප්‍රීල් ටින්ස්ලි පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ පුද්ගලයා මමයි. ඔබ මගේ ඊළඟ ගොදුරයි. ” මෙය දුටු ඇය බියෙන් තැති ගත්තාය. ඔවුන් ෆෝට් වේන් සිට සැතපුම් 16 ක් උතුරින් ජීවත් වූ නමුත් එප්‍රීල් ටින්ස්ලි පැහැර ගැනීම ගැන සියල්ල ඔවුන් දැන සිටියහ. වහාම මේ පිළිබඳව බලධාරීන්ට ඔවුන් දැන්වූ අතර මෙම ලියුම් සහ කලින් බිත්තියේ තිබී සොයාගත් අත් අකුරු එක සමාන බව ඔවුන් සොයා ගන්නා ලදී.
පුදුමය නම් මේ ආකාරයේම ලිපි තවත් කුඩා දැරියන් තුන් දෙනෙක්ම එම වෙලාවේදීම සොයා ගන්නා ලදී. ඒ සියල්ලකම සටහන් වී තිබුණේ ඔවුන් ඝාතනය කරන බවට කරන ලද තර්ජනයි.
ෆොට් වේන් ජනතාව බියෙන් හැකිලී ගිය අතර එෆ්බීඅයි විමර්ශන සදහා ප්‍රාදේශීය පොලිසියට සහාය වීමට ඉදිරිපත් විය. ටින්ස්ලි දැරිය ඝාතනය වන විට ඩීඑන්ඒ තාක්‍ෂණය ළදරු අවධියේ පැවතුනද, එෆ්බීඅයි ආයතනයට දැන් දියුණු තාක්ෂණයක් සතුවිය. මෙවර ඩීඑන්ඒ තාක්ෂණය ඔස්සේ දිගටම පරීක්ෂණ සිදු කළ අතර අවසානයේ 1988 එප්‍රිල් දැරියගෙ මරණයට සැක කළ පුද්ගලයකුගේ ඩීඑන්ඒ සමග ඒවා ගැළපුණි. ජෝන් ඩී. මිලර් නම් වූ ඔහු අවසානයේ අත්අඩංගුවට පත් විය.
අවසානයේ ඔහු සියල්ල පාපොච්චරණය කරන ලද අතර කුඩා දැරිය පැහැර ගත් අයුරු සියල්ල හෙළි කරන ලදී. උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.
ඒප්‍රිල් ටින්ස්ලි ඇය ඝාතනය වීමට සති කිහිපයකට පෙර සිය අටවැනි උපන්දිනය සමරමින් |
ඝාතකයා බිත්තියේ ලියා තැබූ සටහන |
ඝාතකයා 2004දී කුඩා දැරියන්ගේ බයිසිකල් වල දමා ගොස් තිබූ සටහන |
0 comments:
Post a Comment