Anna Balan Sanda Song Lyrics - අන්න බලන් සඳ ගීතයේ පද පෙළ

Anna Balan Sanda Song Lyrics - අන්න බලන් සඳ ගීතයේ පද පෙළ
Song Title : Anna Balan Sanda (අන්න බලන් සඳ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ සන්ධ්‍යා දීපානි
පද : මහගම සේකර
තනුව : සෝමදාස ඇල්විටිගල
කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයකි.
මෙහි මුල් ගායනය : බෙන් සිරිමාන්න හා ට්‍රිලීශියා ගුණවර්ධන ගෙනි


අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා //

චන්දන පල්ලව කෝකිල කූජන සංගීතයේ පැටලී //
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ //
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී //

පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ මාරුතයේ හැපිලා //
මන්මද රංගන මණ්ඩපයේ මෙම //
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන් සඳ රන් තැටියෙන්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment