Song Title : Adawan Dasin Bala Hidina Sanda (අඩවන් දෑසින් බලා හිඳින සඳ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පූජ්‍ය එප්පල පියනන්ද හිමි
තනුව : නිමල් ගුණසේකර
අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා
බුදු බණ දෙසුවා දානෙට පිරිතට
යොදුන් ගණන් දෙපයින් වැඩියා
පන්සල් තැනුවා
ගෝලයො හැදුවා
පර හට තම දිවි කැප කෙරුවා
අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා
පාළුව රජයන විහාරයේ ඔබ
බුදු රුව අබියස තනිවීලා
ලොකු හාමුදුරුවො බවුන් වඩනවද
ලොව්තුරු නිවනේ සුව විඳලා
අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා
0 comments:
Post a Comment