ලීනා මෙඩිනා - වයස අවුරුදු 5 දී දරුවකු උපත ලැබූ ලොව ලාබාලම මව (Lina Medina)

ලීනා මෙඩිනා - වයස අවුරුදු 5 දී දරුවකු උපත ලැබූ ලොව ලාබාලම මව (Lina Medina) - Your Choice Way

ලීනා මාර්සෙලා මෙඩිනා යනු ඉතිහාසයේ වාර්තා වන ලාබාලම මව වන අතර ඇය සිය වයස අවුරුදු 5ක් සහ මාස 7ක් වන විට දරුවකුට උපත ලබා දී ඇත.  ලීනා උපත ලැබුවේ 1933 සැප්තැම්බර් 23 වන දින පේරු හි ය. ඉතාමත් හොඳ සහ නිහතමානී පවුලක උපත ලැබූ ඇයගේ මව ගෘහ සේවිකාවක් වූ වික්ටෝරියා ලොසියා සහ ඇගේ පියා රිදීකරුවෙකු වූ ටිබුරෙලෝ මෙඩිනා ය.

ඇයට වයස අවුරුදු 5 කුත් මාස 6ක් වන විට ඇගේ දෙමව්පියන් ඇයගේ අසාමාන්‍ය උදර ඉදිමීමක් දුටු අතර එය බැලූ බැල්මට ඔවුන් සිතුවේ එය කිසියම් පිළිකාවක් විය හැකි බවයි. එම නිසා ඔව්න් ඇයව පරීක්ෂා කිරීමට වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරයා පැවසූ දෙය ඔවුන්ට අදහාගත නොහැකි විය. කුඩා ලීනා ඒ වන විටත් මාස 7 ක ගැබිනියකි. මුලදී, දෙමව්පියන් එම වයසේ ළමයකු ගැබ් ගත හැකි යැයි නොසිතූ අතර වෛද්‍යවරයා මෝඩයෙකු ලෙස සිතා වෙනත් වෛද්‍යවරයකු වෙත ඇය රැගෙන යන ලදී.

ඇයව පරික්ෂා කළ එම වෛද්‍යවරයා වහාම පොලිසියට කතා කළ අතර පළමු සැකකරු ලෙස ලීනාගේ පියා වහාම අත්අඩංගුවට ගන්නා ලදී. සතියක ප්‍රශ්න කිරීම් වලින් පසුව, පියා වැරදිකරුවෙක් කිරීමට හෝ ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් පොලිසිය ඔහුට යන්නට හැරියේය. දෙවන සැකකරු වූයේ ලීනාගේ නෑදෑ සහෝදරයකු වන අතර ඔහුට කිසියම් මානසික රෝගයක් තිබුනි. එම නිසා බලධාරීන් සිතුවේ ඔහුට එවැනි බිහිසුණු ක්‍රියාවක් කිරීමට හැකියාවක් ඇතැයි කියාය. නමුත් නැවත වරක් කිසිදු සාක්ෂියක් නොමැතිව ඔහුට ලීනාගේ දරුවාගේ පියා ලෙස නඩු පැවරීමට පොලිසියට නොහැකි විය. 

ඇයට කිසිවෙක් හානියක් කලාද හෝ දූෂණයට ලක් වූවාද දැන ගැනීමට පොලීසිය ලීනාගෙන් ඇගේ මව ඉදිරියේ පිළිතුරු ලබා ගැනීමට උත්සාහ කරන ලදී. මේ සිදු වන සෑම දෙයකින්ම කුඩා දැරිය මහත් ලෙස බිය වී සහ ව්‍යාකූල වී සිටි අතර බලධාරීන්ට කිසිවක් දැන ගත නොහැකි විය. අවසානයේ සාක්ෂි නොමැතිකම නිසා නඩුව අතහැර දැමීමට සිදු විය.

ගර්භණීභාවය සඳහා ඇගේ ළමා වයස සහ නොදියුණු හා වර්ධනය නොවූ ශරීරය නිසා, ඇයට දරු ප්‍රසූතිය සඳහා ඇති එකම ක්‍රමය සිසේරියන් සැත්කම පමණි. මෙය ලීනාගේ ජීවිතය අවදානමට ලක් කළ හැකි බොහෝ අවදානම් දෙයක් බවට මත පළ විය. ලීනා මාස 8 ක ගැබිනියක්ව සිටියදී ඇගේ දෙමව්පියන්ට මාධ්‍ය මගින් විවිධ බලපෑම් එල්ල වූ විට, ඇගේ මව පාපොච්චාරණය කළේ වයස අවුරුදු 3 දී ලීනා ඇගේ ඔසප් වීම ආරම්භ කළ බවය. පසුව ඇය පරීක්ෂා කළ විශේෂඥයින් විසින් සොයා ගන්නා ලද්දේ ඇය වැඩිවිය පැමිණීම ලෙස දන්නා තත්වයෙන් පෙළෙන බවය. ඇගේ ලිංගික අවයව ඉතා කුඩා අවධියේදී වර්ධනය වී ඇති අතර වර්ධනය ස්‍රාවය කරන ග්‍රන්ථි සහ ලිංගික හෝමෝන ජීවිතයේ මුල් අවදියේදීම අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීමට පටන් ගෙන ඇත.  මෙම තත්වයට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැත.

ලීනාගේ උපත ලැබීමට සිටින දරුවා වර්ධනය නොවූ යැයි සිතූ බැවින් දරුවාට විශාල දුෂ්කරතා ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව මාතෘ වෛද්‍යවරු දැන සිටියහ. නමුත් ප්‍රාතිහාර්යක් මෙන් දරුවා කිලෝග්‍රෑම් 2.7 ක බරකින් නිරෝගීව උපත ලැබූ අතර අනෙක් පුදුමයට කරුණ නම් දරුවා උපත ලැබුවේ 1939 මැයි 14 වන දිනය. එනම් ලෝක මව්වරුන්ගේ දිනයදාය.

දරුවා ජෙරාර්ඩෝ මෙඩිනා ලෙස නම් කරන ලදී, එය ලිනාගේ දරු ප්‍රසූතිය සිදු කළ වෛද්‍යවරයාගේ නම වූ අතර ඔහුට කරන උපහාරයක් ලෙස දරුවාටද ඒ නම තබන ලදී. දරුවාගේ පියාගේ අනන්‍යතාවය අදටත් අභිරහසකි. ලීනා යනු ලිංගික අතවරයට ගොදුරු වූ තවත් එක් අහිංසක තරුණියක්  පමණි.  ඊටත් වඩා භයානක දෙය නම් මෙවැනි දේ අදටත් සිදුවෙමින් තිබීමයි.
ලීනා මෙඩිනා - වයස අවුරුදු 5 දී දරුවකු උපත ලැබූ ලොව ලාබාලම මව (Lina Medina) - Your Choice Way

ලීනා මෙඩිනා - වයස අවුරුදු 5 දී දරුවකු උපත ලැබූ ලොව ලාබාලම මව (Lina Medina) - Your Choice Way

ලීනා මෙඩිනා - වයස අවුරුදු 5 දී දරුවකු උපත ලැබූ ලොව ලාබාලම මව (Lina Medina) - Your Choice Way

ලීනා මෙඩිනා - වයස අවුරුදු 5 දී දරුවකු උපත ලැබූ ලොව ලාබාලම මව (Lina Medina) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment