Song Title : Udaye Pipena (උදයේ පිපෙනා)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : හේමසිරි හල්පිට
නාද සිත්තම : මහින්ද බණ්ඩාර
උදයේ පිපෙනා
මලකින් හමනා
නැවුම් සුගන්ධයක් ද මේ
රහසේ මුමුණා
හෙමිහින් ඇදෙනා
සිහිල් පවන් රොදක් ද මේ //
වසන්තේ
දැන් ඇවිත් ඉතින් අලුත් සුපෙම් වසන්තේ
දසන්තේ
සුබ දසුන් මැවේ මැවේ දසන්තේ //
දිවියේ තිබෙනා
ළතැවුල් නිවනා
පහන් හැඟුම් මටත් දැනේ
සෙනෙහේ දැනුණා
ඔබගෙන් අද මා
උපන්නෙමී යළිත් ලොවේ //
වසන්තේ
දැන් ඇවිත් ඉතින් අලුත් සුපෙම් වසන්තේ
දසන්තේ
සුබ දසුන් මැවේ මැවේ දසන්තේ //
රිදී සිනා ගලා
පැතූ ලෙසින් මෙමා
මගේ ම යයි කියා
හැමදාමත් මා ගාවින් ඔබ ඉන්න සැනසීලා ///
0 comments:
Post a Comment