Song Title : Thushara Bindu Sihinaye (තුෂර බිංදු සිහිනයේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ
මී බිඟුන් තුඩින් තුඩේ වෙලී
ඒවි දැන් පියා සලා සලා //
අමර ආදරේ //
මා ළයේ ඔබේ නමින් පිදේ
තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ
ජීවිතේ පුරා සඳුන් ලෙනේ
පෙම් හැඟුම් රැඟුම් ගැයුම් සෙනේ //
සුවඳ වින්දනේ අපට ළංවුණේ
එක අත්තක මල් දෙකක් වගේ
තුෂර බිංදු සිහිනයේ
දිනෙක ආ ප්රියාවියේ
අප නමින් උදාවි ඒ වසන්ත යාමේ
සිහින මන්දහාසිනී
නොදුටු පෙම් සුභාෂණී
අප නමින් උදාවිනී පෙම් වසන්තේ //
0 comments:
Post a Comment