Tharu Dahasak Payana Raa Song Lyrics - තරු දහසක් පායන රෑ ගීතයේ පද පෙළ

Tharu Dahasak Payana Raa Song Lyrics - තරු දහසක් පායන රෑ ගීතයේ පද පෙළ
Song Title : Tharu Dahasak Payana Raa (තරු දහසක් පායන රෑ)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : හේමසිරි හල්පිට
තනුව : මහින්ද බණ්ඩාර


තරු දහසක් පායන රෑ අඳුරු වුණාදෝ
පෙමින් බැඳුණු හිත කෙලෙසක නපුරු වුණාදෝ //
මට හතුරු වුණාදෝ

නොපිපි කුසුම පුබුදන්නට හැකිය ආදරෙන්
පිපුණු කුසුම් පරවෙන්නෙත් හිත අනාදරෙන්
සඳෙන් සිසිල හිරු උණුසුම දෙන අහස් තලෙන්
තරු බිඳුවක ආදරයෙන් ඵලක් නෑ ඉතින්
මට ඵලක් නෑ ඉතින්

පෙමක සුවඳ විඳගනු බෑ දුරස්වූ සිතින්
පවසක් සංසිඳවනු බෑ තුෂර බිඳුවකින්
කඳුළු බිඳක් නොමැති නෙතින් වැළපුණත් ඉතින්
ආදරයට අනුකම්පා මට එපා ඉතින්
යළි මට එපා ඉතින්6

තරු දහසක් පායන රෑ අඳුරු වුණාදෝ
පෙමින් බැඳුණු හිත කෙලෙසක නපුරු වුණාදෝ //
මට හතුරු වුණාදෝ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment