Song Title : Sapa Nokarami (සාප නොකරමි)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
සාප නොකරමි සිතින් කිසිදා
දුරස් වී ඇයි ඔබ මගෙන්
පෙමින් මා විඳි නිරානන්දය
දුරස් වී ඇයි මා කෙරෙන් //
ඉරිතලා ගිය හද තලාවේ
පිය නඟා යයි නුඹේ මිරිවැඩි //
බොල් හඬින් සිත පියලි බිඳිලා
නොහිමි සුවයකි නුඹ ලබන්නේ
සාප නොකරමි සිතින් කිසිදා
දුරස් වී ඇයි ඔබ මගෙන්
පෙමින් මා විඳි නිරානන්දය
දුරස් වී ඇයි මා කෙරෙන්
සිත දවාලන යටගියාවේ
අවුළුවාලමි මගේ සිතිවිලි //
ලද දෙයින් මා නුඹේ ඇසුරේ
මගේ අතු බිම එළිය වෙන්නේ
සාප නොකරමි සිතින් කිසිදා
දුරස් වී ඇයි ඔබ මගෙන්
පෙමින් මා විඳි නිරානන්දය
දුරස් වී ඇයි මා කෙරෙන්
0 comments:
Post a Comment