Sansare Sewanlla Song Lyrics - සංසාරෙ සෙවණැල්ල ගීතයේ පද පෙළ

Sansare Sewanlla Song Lyrics - සංසාරෙ සෙවණැල්ල ගීතයේ පද පෙළ
Song Title : Sansare Sewanlla (සංසාරෙ සෙවණැල්ල)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි
මෙය මිල්ටන්ගේ දෙවන ග්‍රැමෆෝන් තැටියේ ගී දෙකෙන් එකකි.. එම තැටියේ අනෙක් පස ගීය වූයේ "රන් කූඩුව ඔබ සෑදූ" නම් ගීයයි.(පිලිප්ස් ලේබලයෙන් යුත් තැටි අංකය EXVEE JVPC1016)


සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා  //

ආදර නදියේ ගිලි ගිලි පිරියේ //
පීනා පීනා යමු පෙම්බරියේ //
රළ පාර ඉවසන්න
සැපත ඉදිරියේ
සැපත ඉදිරියේ

සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා

මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි //
පෑහී පෑහී එකට හමා යයි //
හද මාගෙ පිළිගන්න
එය ඔබගේමයි
එය ඔබගේමයි

සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා  //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment