Sandawe Hamuweela Song Lyrics - සැන්දෑවේ හමුවීලා ගීතයේ පද පෙළ

Sandawe Hamuweela Song Lyrics - සැන්දෑවේ හමුවීලා ගීතයේ පද පෙළ
Song Title : Sandawe Hamuweela (සැන්දෑවේ හමුවීලා)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : ජගත් කුලසිංහ
තනුව : ජගත් කුලසිංහ


සැන්දෑවේ
හමුවීලා ඒ සුන්දර යාමේ
ළංවීලා
මට පෑව ඒ පෙම් කතාවේ
වෙන්වීලා
සමුගන්නදෝ නාවෙ ආයේ
මට පෑව ඒ ආදරෙන් //

රෑ අඳුරු යාමේ
තරු රෑන පාවේ
සඳ මෝදු වී සීතලේ
අප තනිවු මොහොතේ
මතකයි දෙඩූ දේ
සිහිනෙන් වගේ ඒ පැයේ
රෑ අඳුර මැකිලා
හිරු රැස් උදාවේ
මා උමතු වේ පාළුවේ

සැන්දෑවේ
හමුවීලා ඒ සුන්දර යාමේ
ළංවීලා
මට පෑව ඒ පෙම් කතාවේ
වෙන්වීලා
සමුගන්නදෝ නාවෙ ආයේ
මට පෑව ඒ ආදරෙන් //

අඩ අඳුරෙ රඟනා
පෙම් යුවල දිලෙනා
මා ගයන මේ සාදයේ
අප රඟපු වාරේ
අප ගයපු තාලේ
සිහිවෙයි මගේ මතකයේ
රෑ අඳුර මැකිලා
හිරු රැස් උදාවේ
මා උමතු වේ පාළුවේ

සැන්දෑවේ
සැන්දෑවේ ඒ සුන්දර යාමේ
ළංවීලා
මට පෑව ඒ පෙම් කතාවේ
වෙන්වීලා
සමුගන්නදෝ නාවෙ ආයේ
මට පෑව ඒ ආදරෙන් /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment