Song Title : Sanda Ebennepa (සඳ එබෙන් එපා)
ගායනය : අතුල අධිකාරී, සමිතා මුදුන්කොටුව
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : උපුල් ශාන්ත සන්නස්ගල
සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින් //
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා //
ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා //
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා //
සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින් //
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා //
ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා //
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා //
සඳ එබෙන්එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින් //
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා //
0 comments:
Post a Comment