Sanda Dilunath Tharu Nagunath Song Lyrics - සඳ දිලුනත් තරු නැඟුනත් ගීතයේ පද පෙළ

Sanda Dilunath Tharu Nagunath Song Lyrics - සඳ දිලුනත් තරු නැඟුනත් ගීතයේ පද පෙළ
Song Title : Sanda Dilunath Tharu Nagunath (සඳ දිලුනත් තරු නැඟුනත්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.කේ. රොක්සාමි
1969 දී නිකුත් කළ Hits of Milton Mallawarachchi තැටියට ඇතුළත් වූ ගීයකි(තැටි අංක Philips EP 1969 - JVPC 1051)



සඳ දිලුනත් තරු නැඟුනත්
බැබලි බැබලි අඹරේ
අඳුර මිසක් නැත එළියක්
ඔබ නැති කල සොඳුරේ //

සැප දුක දෙක හවුලට විඳි හදවත සනසාලූ
ඔබ නැතිවුණ ලෝකය මට වැලි කතරෙකි පාළූ
ජීවිතයම පරඬැල මෙනි සැලි සැලි ගතවෙන්නේ
කාගෙ සිනා දැක ගන්නද ගෙදරට මා එන්නේ

සඳ දිලුනත් තරු නැඟුනත්
බැබලි බැබලි අඹරේ
අඳුර මිසක් නැත එළියක්
ඔබ නැති කල සොඳුරේ

සමහරවිට ඔබ මගෙ ළඟ ගැවසෙන බව තේරේ
කිසිම තැනක ඔබ නොපෙනෙයි නෙතග කඳුළු බේරේ
සැකයක් නැත ගුණවත් ඔබ අද දෙවියන් අතරේ
පෙර පව් කළ මා තවමත් මිනිසුන් මැද අඳුරේ

සඳ දිලුනත් තරු නැඟුනත්
බැබලි බැබලි අඹරේ
අඳුර මිසක් නැත එළියක්
ඔබ නැති කල සොඳුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment