“යකෝ…මේ ගොම්මන් වෙලාවෙ වැවෙන් නාන්න යන්නෙ තොට පිස්සුද”…..මංජු සහ ශාන්ත.හැන්දෑ යාමෙට කට ගොන්නක් බීගෙන වෙරි මතෙන් කියවමින් ගමපුරා රවුම් ගසන මොවුන් ගමේ කාටත් හුරැ පුරැදු දසුනකි.පුදුම විය යුත්තේ එක් දිනක් හෝ ඔවුන් දක්නට නොලැබුනොත්ය.
“යකෝ..මේ මංජුට ඕන වෙලාවක් එකයි…හරී…මං අද නාලම තමා එන්නෙ”
“හරි ඒනං උඹ නාගනිං….මේන්න අපි ගියා…ජයවේවා”පැවසූ ශාන්ත බොරලු පාරේ වැනි වැනි ඉදිරියට අරදුනේය. “පරිස්සමෙන් මිත්‍රයා…මට නෙවේ උඹටයි වෙරි” කියූ මංජු පල්ලම බැස සෙමෙන් වැව වෙත ඇදුනේය.ඇද සිටි බැනියම ගලවා තබා කොට කලිසම පිටින් දියට බැස්ස මංජු සෙමෙන් සෙමෙන් වැවේ ඉදිරියට ඇදුනේය.කොතරම් කයිවාරැ ගැැසුවද ඹහු පිහිනීමට එතරම් සමතෙකු නොවේ. ඒ නිසා එතරම් ගැඹුරැ නැති තැනක සිට මංජු නෑම ඇරඹුවේය.
මද වේලාවකින් සුදු ඇදුමින් සැරසුනු තරැණියක් තනිවම වැව වෙත එන අයුරැ ඔහු දුටුවේය.”යකෝ මේ ගොම්මන් වෙලාවෙ කෙල්ලෙක් තනියම”තමාටම පවසාගත් මංජු වැවේ මෙන්ම උඩහ පාරේද පෙනෙන්නට කවුරැත් නැති නිසා දැන්ම වැවෙන් ගොඩට යන අදහස අත්ඇරියේය.වැවවෙත පැමිණි ඇය ඇදසිටි ඇදුමෙන්ම වැවට බැස ඉදිරියට එන්නට විය.ඇය සිටින්නේ මංජුට බොහෝ ඈතිනි.”මේකිට පිස්සුද කොහෙද…ඇදන් ඉන්න එක පිටින් බැස්සනෙ”බලාපොරොත්තු සුන් වුන අයුරින් පැවසූ මංජු මීලඟට දුටු දෙයින් පුදුම විය.ඇය වැවේ වෙනත් පැත්තකට යනු වෙනුවට ඇය තමා සිටි දෙසට එන බව දුටු මංජු “කවුද මේ” යන ප්‍රශ්නාර්ථ බැල්මෙන් බලාසිටියේය.තමාට වෙරි නිසා පෙනෙන්නක් යැයිද ඔහුට සිතුනි.
තරැණිය කෙමෙන් කෙමෙන් ලං වන විට ඔහුගේ වෙරි සිදුනි.ඇගේ හිිසෙන් ලේ ගලමින් තිබුනි.එම ලෙයින් ඇය ඇද සිටි බ්ලවුසය නැහැවී තිබුනි.වියරැ සිනාවක් නගාගෙන තමාවෙත එන්නෙ කවුද යන්න හදුනා ගැනීමට ඔහුට ගතවුනේ සුලු මොහොතකි.
“ස…ස..සදු…සදුනි…බුදුඅම්මෝ..මාව බේර ගනියෝ යනුවෙන් මරලතෝනි දුන්නද මංජුගේ හඩ ඇසෙන මානයේ කිසිවෙක් නැත.
“මට සමාවෙයන්…සමාවෙයන්…මාට යන්න දියන්”යනුවෙන් බැගෑපත් වෙමින් මංජු වියරැවෙන් තමා වෙත එන අවතාරයෙන් බේරීමට ඈත දියඹට ගියේ මෙතරම් ගැඹුරැ දියේ තමාට පිහිනීමටද නොහැකි බව අමතක කරමිනි. අවතාරය නවතින්නේ නැත.තමාට ගැලවීමක් නැති බව දැනගත් මංජු තවත් දියඹට ගියේය……
ලියන්නේ ෂෙහාන් දිල්හාර
0 comments:
Post a Comment