Song Title : Ruhunata Adipathi Manahara (රුහුණට අධිපති මනහාරා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්රනාන්දු
රුහුණට අධිපති මනහාරා
වැජඹෙන කඳ රඳ සුරවීරා
වැඳ වැඳ පුද පුද බැති පූජා
නමදිමු තෙද බල දෙවි රාජා
සව් සත සුරකින දේවනේ (මහා )
සුරිඳුනි කතරගමේ //
ගම රට දුර සිට අප එන්නේ
දෙවියන් අඩවිය ළංවන්නේ
කිරි වෙහෙරෙහි කොත බබලන්නේ
අපේ බුදුන් අපි වැඳගන්නේ
සව් සත සුරකින දේවනේ (මහා )
සුරිඳුනි කතරගමේ //
යන යන තැන අප ජයගන්නේ
දුක දුරුවී කිරි උතුරන්නේ
මේ බිම බාරවූ දෙවිඳුන්නේ
කරුණා මහිමෙනි සරණන්නේ
සව් සත සුරකින දේවනේ (මහා )
සුරිඳුනි කතරගමේ //
0 comments:
Post a Comment