රෝස් කරන ලද කුකුල් මස් හදමු (Roast Chicken)

රෝස් කරන ලද කුකුල් මස් හදමු (Roast Chicken) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

අංක 01
  • හම සහිත සම්පුර්ණ කුකුලෙකු 
  • සුදු ළුණු පේස්ට් මේස හැදි 4
  • අබ පේස්ට් මේස හැදි 3
  • පැණි කෝප්ප 1/4
  • මිරිස් කුඩු මේස හැදි 2
  • ගම්මිරිස් කුඩු මේස හැදි 1
  • ලෙමන් පොතු තේ හැදි 1( ග්‍රේට් කරගත් )
  • ලෙමන් යුෂ මේස හැදි 3
  • දොඩම් පොතු තේ හැදි 1( ග්‍රේට් කරගත් )
  • දොඩම් යුෂ කෝප්ප 1/2
  • තයිම් හර්බ්ස් තේ හැදි 1
  • ඔලිව් තෙල් මේස හැදි 3
  • රස අනුව ලුණු 
අංක 02
  • තරමක් විශාල බී ළුණු කැබලි කිහිපයක් 
  • යුෂ ඉවත් කර ගත් දෙහි ලෙලි 
  • ටුයින් නූලක් 
  • ටූත් පික් එකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. හම සහිතව කුකුළා සෝදා පිරිසිදු කර ගන්න .
  2. කුකුළා හැර අවශ්‍ය ද්‍රව්‍ය අංක 1 සදහන් සියල්ල බෝල් එකකට දමා මිශ්‍ර කරගන්න .
  3. එම මිශ්‍රණයට පිරිසිදු කරගත් කුකුළා දමා මිශ්‍රණය හොදින් කුකුළාගේ ඇග පුරා ආලේප කරන්න .
  4. කුකුළාගේ ඇගේ විවරව ඇති කොටසින් බඩ තුලට අවශ්‍ය ද්‍රව්‍ය අංක 2 සියල්ල ඇතුල් කර විවරය පික් එක ආධාරයෙන් වසා ගන්න .
  5. කකුල් දෙක ටුයින් නූල ආධාරයෙන් එකට අල්ලා ගැට ගසාගන්න 
  6. දැන් කුකුළා පැයක පමණ කාලයක් ශීතකරණයේ තබා ගන්න .
  7. සූදානම් කර ගත් බේකින් ට්‍රේ එකක කුකුළා ප්‍රවේශමෙන් තබා කලින් රත් කර ගත් උදුනක 250 °C ඌෂ්ණත්වයකින් මිනිත්තු 20 ක් පුළුස්සා නැවතත් 200 °C ඌෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් පුළුස්සා ගන්න.
බේක් වන විට ට්‍රේ එක මත එකතු වන තෙල් ඉවත් කරන්න.තවද අවන් එකෙන් අවන් එකට ඌෂ්ණත්වයට වෙනස් බැවින් කාලය වෙනස් විය හැක.කුකුළා හොදින් රෝස් වූ පසු නිවා  ටුයින් නූල කපා සරසා නත්තල් මේසයට යවන්න .
රෝස් කරන ලද කුකුල් මස් හදමු (Roast Chicken) - Your Choice Way

රෝස් කරන ලද කුකුල් මස් හදමු (Roast Chicken) - Your Choice Way

රෝස් කරන ලද කුකුල් මස් හදමු (Roast Chicken) - Your Choice Way

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝස් කරන ලද කුකුල් මස් හදමු (Roast Chicken) රෝස් කරන ලද කුකුල් මස් හදමු (Roast Chicken) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2021 Rating: 5

0 comments:

Post a Comment