Ridee Paata Kala Song Lyrics - රිදී පාට කල ගීතයේ පද පෙළ

Ridee Paata Kala Song Lyrics - රිදී පාට කල ගීතයේ පද පෙළ
Song Title : Ridee Paata Kala (රිදී පාට කල)
Singing : Lakshman Hilmi


රිදී පාට කල පා තුඩු පයට පෑගිලා
නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා

විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවුලුණා
විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවුලුණා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුලු සඟවලා

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා
නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා
නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment