Ran Kuduwa Oba Sadu Song Lyrics - රන් කූඩුව ඔබ සෑදූ ගීතයේ පද පෙළ

Ran Kuduwa Oba Sadu Song Lyrics - රන් කූඩුව ඔබ සෑදූ ගීතයේ පද පෙළ
Song Title : Ran Kuduwa Oba Sadu (රන් කූඩුව ඔබ සෑදූ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි
මෙය මිල්ටන්ගේ දෙවන ග්‍රැමෆෝන් තැටියේ ගී දෙකෙන් එකකි.. එම තැටියේ අනෙක් පස ගීය වූයේ "සංසාරෙ සෙවණැල්ල" නම් ගීයයි.(පිලිප්ස් ලේබලයෙන් යුත් තැටි අංකය EXVEE JVPC1016)


රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ //
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

පෑ ආදරේ සුකුමාලියෙ හඳුනන්නෙ මගෙ හිතයි //
ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි
ඉවසන්න බැහැ දුකයි

රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

සැන්දෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්‍රියේ //
රෑ සිහිනෙක වෙලිලා එමි පිළිගන්න සොඳුරියේ
පිළිගන්න සොඳුරියේ

රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ
රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment