Song Title : Raa Kawudo Sihinen Penune (රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ
නයනේ ඇඳුණේ මනසේ රැඳුණේ
ඈ මා හෙමින් ඈත කැන්දා ගොසින්
කීව රහසින් හැඟුම් පීදුණා //
තරුවැල් දිලුණා
සඳකැන් සැලුණා
රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ
නයනේ ඇඳුණේ මනසේ රැඳුණේ
ඒ සීන මනමාලි හැබහින්ම දැකගන්න
හැකිවේද කවදාක හෝ //
ඇයගේ හසකැන්
නොමැකේ මහදින්
රෑ කවුදෝ සිහිනෙන් පෙනුණේ
නයනේ ඇඳුණේ මනසේ රැඳුණේ
0 comments:
Post a Comment