මම අද උදේට කන්න රස කෑමක් හැදුවා . තෙම්පරාදු පොල් රොටි . හරිම ලෙහෙසියි හදන්න . මම නම් තෙම්පරාදු රොටි කන්න චිකන් කරි එකක් සාදා ගත්තා . මෙහෙමයි තෙම්පරාදු රොටි හැදුවේ .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- පාන් පිටි 200g
- තරමක පොල් බැයක පොල්
- තරමක ලොකු ළුනු ගෙඩ් 1/2 (සිහින්ව කපා ගත් )
- අමු මිරිස් කරල් 2 (සිහින්ව කපා ගත් )
- කරපිංච ටිකක් (සිහින්ව කපා ගත් )
- ලුනු
- වතුර කප් 1 1/2
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයක් ලිප තබා තෙල් දමා රත් වු විට එයට අමු මිරිස් ළුනු , කරපිංච එකතු කර තෙම්පරාදු කරන්න .
- දැන් එයට ලුනු එකතු කර මිශ්‍ර කරන්න . පසුව එයට පොල් එකතු කර මිශ්‍ර කර මලවන්න . නැවත ලුනු කුඩු ටිකක් එකතු කරන්න . හොඳින් මිශ්‍ර කරන්න .
- පොල් මැලවු පසු එයට වතුර එකතු කර කලවම් කර වතුර උණු වු පසුව පිටි ටික ටික එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න .
- එසේ කල පසු ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා නිවෙන්න පැත්තකින් තබන්න . දැන් මෙම මිශ්‍රණය තව ටිකක් අතින් අනන්න . ඊට පසු තරමක බෝල සාදා තෙල් ගා ගත් පිගානක තුනී කරන්න .(පහල පින්තූරයේ පෙනන පරිදි )
- අවසානෙට එසේ සාදා ගත් තෙම්පරාදු රොටි නන් ස්ටික් භාජනයේ හෝ රොටි තැටියක දෙපැත්තම පුළුස්සා ගන්න . හදලා බලන්න කෝ .
ධම්මිකා පනංගල
0 comments:
Post a Comment