Song Title : Pemin Liyu Liyum (පෙමින් ලියූ ලියුම්)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්රනාන්දු
පෙමින් ලියූ ලියුම් තියේ එපාදෝ
මගේ හිතේ පැතුම් හසුන් එපාදෝ
මුවින් නොකී සෙනේහේ දිනෙන් දිනේ පිපීලා
දිවා රැයේ ලියූ ලියුම් එපාදෝ
සේපාලිකාවියේ පීදෙන වියේ
පිටුපා නොයන් අනේ නොබලා ප්රියේ
දෑසේ රැවුම් වැදී රිදුනා ලියේ
පටු මාවතේ මනමාලියේ
පෙමින් ලියූ ලියුම් තියේ එපාදෝ
මගේ හිතේ පැතුම් හසුන් එපාදෝ
මුවින් නොකී සෙනේහේ දිනෙන් දිනේ පිපීලා
දිවා රැයේ ලියූ ලියුම් එපාදෝ
රෑ නිදි ඇඳේ රැඳී රූ ඔබෙ මවා
මේවා ලියූවෙමී සිහිනෙන් පවා
කියවා බලන් අනේ මා සිත නිවා
පටු මාවතේ මනමාලියේ
පෙමින් ලියූ ලියුම් තියේ එපාදෝ
මගේ හිතේ පැතුම් හසුන් එපාදෝ
මුවින් නොකී සෙනේහේ දිනෙන් දිනේ පිපීලා
දිවා රැයේ ලියූ ලියුම් එපාදෝ
0 comments:
Post a Comment