Song Title : Paya Nagi Ewi Ran Tharaka (පායා නැගී ඒවි රන් තාරකා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : උබේනන්ද දිසානායක
සංගීතය : සිරිල් පෙරේරා
පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා
සේපාලිකා //
දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
තනිව හඬනා රැයේ හදට දී වේදනා
එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
දුර ඈත සිට එන්න සේපාලිකා
සේපාලිකා //
රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
කඳුල පිස ලන්න සතුට තවරන්න
සුවඳක් ලෙසින් එන්න සේපාලිකා
සේපාලිකා //
0 comments:
Post a Comment