Nidibara Sithuwili Pubudala Song Lyrics - නිදිබර සිතුවිලි පුබුදාලා ගීතයේ පද පෙළ

Nidibara Sithuwili Pubudala Song Lyrics - නිදිබර සිතුවිලි පුබුදාලා ගීතයේ පද පෙළ
Song Title : Nidibara Sithuwili Pubudala (නිදිබර සිතුවිලි පුබුදාලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එඩ්ගා පෙරේරා
1969 දී නිකුත් කළ "නෙත නොපියා" EP තැටියට ඇතුළත් වූ ගීයකි.(තැටි අංක Philips JVPC 1069)


නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා

පිය මැන ආ මඟ මුතු අතුරා
සිහින් රුවන් සොමි කැන් පතුරා //
සුරත ගෙන ඇදී
පැමිණි ගමනෙදී
එමට මල් පිපී
නොබැලුවෙමි එබී

නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා

පිවිතුරු මා හද ඔබට පුදා
පායන තුරු පසුදින දිනිඳා //
ගෙවූ මැදියමේ
තරම උණුසුමේ
ඔබට අමතකයි
මට තව මතකයි

නිදිබර සිතුවිලි පුබුදාලා
පිනිදිය ගඟුලෙහි නහවාලා
අරුමැසි විසිතුරු පවසාලා
සුමියුරු සත්සර නංවාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment