Netha Nopiya Song Lyrics - නෙත නොපියා ගීතයේ පද පෙළ

Netha Nopiya Song Lyrics - නෙත නොපියා ගීතයේ පද පෙළ
Song Title : Netha Nopiya (නෙත නොපියා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එඩ්ගා පෙරේරා
1969 දී නිකුත් කළ "නෙත නොපියා" EP තැටියට ඇතුළත් වූ ගීයකි.(තැටි අංක Philips JVPC 1069)


නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ //

රැය නොගෙවා
ලතවෙනවා
දෑස ඈගේ මා නිසා පෙඟේ //

දෑතෙ ඇඳි රේඛා වැනී
කිසිදා මැකී යා නොදී //
පෑ ඔබේ දයාදරේ
ලියවී තිබේ මා හදේ //

නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ //

පෑයු සඳ ඔබ නම් ළඳේ
මාගේ සිතුම් එහි ඇඳේ //
ඒ ඔබේ අමා ගී පොතේ
ගීයක් වුණා ජීවිතේ //

නෙත නොපියා
වත නොසලා
ඈත අහසේ තාරුකා නැඟේ //

රැය නොගෙවා
ලතවෙනවා
දෑස ඈගේ මා නිසා පෙඟේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment