Song Title : Neka Uyan Wathu Madin (නෙක උයන් වතු මැදින්)
ගායනය : ප්රදීපා ධර්මදාස, අමරසිරි පීරිස්
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කපිල කුමාර කාලිංග
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි //
සිතු අගින් මතුව ආ සුසුම් රැල්
කොඳ මලක් මත වැටී බොඳව යයි
සිහිනයක් අවදි වී පිය නගයි
අඬ අඳුරු සීත කඳු මාවතේ
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි
නොම තැවෙන් රාත්රිය දිගු විනැයි
හෙට දවස මීවිතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිම්නයක නතර වී ගිම් නිවයි
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි //
0 comments:
Post a Comment