කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නයින්දනාව පුරාණ රජමහා විහාරය ඓතිහාසික පුදබිමක්..
මේ විහාරයේ නම නයින්දනාව මේ විහාරයට නයින්දනාව යන නාමය ලැබී ඇත්තේ එහි ගල්තල්ලක කොටා ඇති නාග රූපය නිසායි...
අතීතයේ මෙහි නාමය මාඑළිඅරම බව සෙල්ලිපි වලින් හෙළිවෙයි..
දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ (ක්‍රි.පු.250-210) මිහිඳු හිමියන් පනස් හතරක් පැවිදි කළ බවත් ඉන් එක් නමක් නයින්දනාව රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් ධර්මය ප්‍රචාරය කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා...
එකල විහාරස්ථානය වන සෙනසුනක් වශයෙන්ද ප්‍රසිද්ධියක් ලබා තිබි ඇති බව ඉතිහාසයේ තොරතුරු වලින් අනාවරණය වෙනවා...
විහාරස්ථානය පිහිටා ඇත්තේ හිරියාල හත්පත්තුවේ දිවිගංදය කෝරළේයී...
මෙම විහාරස්ථානයේ ප්‍රාතිහාර්ය පෑමේ හා මනාව ධර්ම දේශනයේ කිර්තියක් ලබා සිටි කුග්ගජිතිස්ස මහරහතන් වහන්සේ වැඩ වාසය කළ බව සඳහන් වෙනවා...
අනුරාධපුරයේ රජකළ සද්ධාතිස්ස රජතුමාට මේ හිමියන් පිළිබඳව ආරංචි වී හිමියන් බැහැදැකීමට පැමිණි බවත් ඒ වන විට කුග්ගජිතිස්ස මහරහතන් වහන්සේ රහත් භාවයට පැමිණ නොසිටි බවත් රහතන් වහන්සේ නමක් නම් මෙලෙස බිම ඉරි අඳින්නේ නැතැයි රජු දැන ආපසු ගිය බව සඳහන් වේ.
මේ අවස්ථාවේ රජුට ඇතිවු කලකිරීම මඟ හැරවීමට රහත් වී තමන්ගේ දේහය පිරිනිවන් පානවිට අහසින් ප්‍රාතිහාර්ය පෑ බව කියැවේ.
කුග්ගජිතිස්ස මහරහතන් වහන්සේ රහත්වීමට ප්‍රථමයෙන් පරිහරණය කරන ලද චිවරය සහිත සැතපෙන පිළිමය සද්ධාතිස්ස රජු විසින් නිර්මාණය කරන ලද්දක් ලෙස සැලකේ.
විහාරභූමියට පිවිසෙන විට මුලින්ම දැකගත හැක්කේ ඝණ්ඨාකාර හැඩැති චෛත්‍යයයි.
මෙම චෛත්‍යය අද වනවිට නවිකරණයට ලක්වී තිබෙනවා...
මෙම චෛත්‍යය අනුරාධපුර යුගයේ ඉදිකරන ලද්දක් බවට විශ්වාසයක් පවතිනවා..
ඉපැරණි දාගැබ අසලට ගියවිට දැකගත හැක්කේ දිගට පැතිරුණ අඩි 50ක් පමණ උස ගල් පර්වතයක කටාරම් කොටා ඉදි කර ඇති ලෙන් විහාර තුනක්...
තුන්වන විහාරය ඉදිරිපස බෝධීන් වහන්සේයි...
ලෙන් පිහිටා ඇති ගල් පව්වට මෙපිටෙන් ආයත චතුරස්‍රාකාර පොකුණකි. මෙම පොකුණ මහසෙන් රජුගේ කාලයේ හක්වටුනාව වැව කළ කාලයේ ඉදිකළ පොකුණක් බවට විශ්වාසයක් පවතිනවා...
දෙවන ලෙනෙහි මැටියෙන් ඉදිකර ඇති සැතපෙන ප්‍රතිමාවක් තියෙනවා...
එම ප්‍රතිමාව කලක් මෙම ස්ථානයේ වැඩ සිටි කුග්ගජිතිස්ස මහරහතන් වහන්සේගේ බවට විශ්වාස කෙරේ.
තුන්වෙනි ලෙන තරමක් විශාලයී.. මෙහි විහාර මන්දිරයක් ඉදිකර තිබෙනවා.. මෙහි ඇති ප්‍රතිමා අතර හිඳි බුද්ධ ප්‍රතිමාවකි.
විහාරස්ථානයේ ක්‍රි.පු.දෙවන සියවසට අයත් ලිපි තුනක් ලෙන්වල කොටා ඇති අතර දෙවන සේන රජ සමයට අයත් ටැම් ලිපියක කොටසක් මෙහිදී හමු වී තිබෙනවා...
මේ ඉපැරණි පුදබිම වැදපුදා ගන්න ඔයාලත් පහන් සිතින් යන්න
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
0 comments:
Post a Comment