අද මම ☕ වෙලාවට කන්න රස කෑමක් හැදුවා . නාරං කැවුම්. අමු ද්‍රව්‍ය තුනයි . හරිම ලෙහෙසියි හදන්න . මෙහෙමයි හැදුවේ .
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- ගා ගත් පොල් 200g (තරමක බෑයක පොල්)
- සීනි 150g
- හාල් පිටි හෝ පාන් පිටි 100g
- කහ කුඩු තේ හැදි 1/2
- බැද ගැනීමට තෙල්
✅ සාදා ගන්නා ආකාරය :
- භාජනයකට සීනි මේස හැදි 4 දමා කැරමල් එකක් සාදා ගන්න.
- පසුව එයට උතුරන වතුර මේස හැදි 4 පමණ දමා හොඳින් කලවම් කරන්න .
- දැන් ඉතිරි වු සීනි ටික දමා උණු කරන්න.
- පසුව එයට පොල් ටික එකතු කර හොඳින් කලවම් කර පැණි පොල් සාදා ගන්න .
- ඊට පසු කරදමුංගු සහ ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
- අවසානෙට එයට සුවද එනතුරු හොඳින් බැද ගත් හාල් පිටි මේස හැදි 3 පමණ පැණි පොල් එකට එකතු කර හොඳින් කලවම් කරන්න .
- පසුව ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා තරමක බෝල සාදා ගන්න . (පහල පින්තූරයේ පෙනන පරිදි)
- දැන් බැටර් එක සාදා ගමු . භාජනයකට පාන් පිටි හෝ හාල් පිටි දමා එයට ලුනු එකතු කර මිශ්‍ර කරන්න . පසුව එයට වතුර ටික ටික දමමින් උකු බැටර් එකක් සාදා ගන්න .
- පැණි පොල් වලින් සාදා ගත් බෝල බැටර් එකේ දවටා රත් වු තෙල් වල දමා බැද ගන්න.
හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment