Song Title : Me Katha Ma Nokiwwa Hindado (මේ කතා මා නොකිවුව හින්දාදෝ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා දිහා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 1024)
මේ කතා මා නොකිවුව හින්දාදෝ
ඈ සිතින් බැඳුණේ
මා ලියූ ගී නොදන්න හින්දාදෝ
ඈ මෙසේ බැඳුණේ
මා නුවන් දැලේ රැඳී
ඈ සිනා සැලුවේ
මේ වගේ මා පතා ආ ළඳුන්
වේදනා දුන්නේ
ආදරේ ගිලන්හලේ
මා රැඳී ඉන්නේ
මේ වගේ මා පතා ආ ළඳුන්
වේදනා දුන්නේ
මේ කතා මා නොකිවුව හින්දාදෝ
ඈ සිතින් බැඳුණේ
මා ලියූ ගී නොදන්න හින්දාදෝ
ඈ මෙසේ බැඳුණේ
0 comments:
Post a Comment