Mata Oba Liyu Gee Song Lyrics - මට ඔබ ලියූ ගී ගීතයේ පද පෙළ

Mata Oba Liyu Gee Song Lyrics - මට ඔබ ලියූ ගී ගීතයේ පද පෙළ
Song Title : Mata Oba Liyu Gee (මට ඔබ ලියූ ගී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි (සුපර් ගෝල්ඩන් චයිම්ස් සමග)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1975 දී නිකුත් කළ "මට ඔබ ලියූ ගී" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP 1975 Shans / Shans - 1111)


මට ඔබ ලියූ ගී තනුවක් සොයාලා
ගැයුවා නොවේදෝ සතුටින් ඔයා
රතු වී දෙනෙත් මා දෙසවන් යොමා සිටියා
දෙනෙතින් ගලා ආ කඳුළැල් සලා

තනිවූ හදේ මා සැනසුම සෙවූයේ
ඔබගේ වදන් ඇමුණූ තනුවක් තමා
ඔබගේ හඬේ සැඟවූ රහසක් තිබේ නම්
මට ඇයි නොකීවේ තව ළංවෙලා

මට ඔබ ලියූ ගී තනුවක් සොයාලා
ගැයුවා නොවේදෝ සතුටින් ඔයා
රතු වී දෙනෙත් මා දෙසවන් යොමා සිටියා
දෙනෙතින් ගලා ආ කඳුළැල් සලා

ගයනා විලාසේ ඔබගේ හඬේ දැනුණේ
දහසක් පැතුම් මල් පරවූ බවයි
රහසක් තිබේ නම් මට ඇයි නොකීවේ
තවමත් පමා නෑ සිතුවොත් ඔයා

මට ඔබ ලියූ ගී තනුවක් සොයාලා
ගැයුවා නොවේදෝ සතුටින් ඔයා
රතු වී දෙනෙත් මා දෙසවන් යොමා සිටියා
දෙනෙතින් ගලා ආ කඳුළැල් සලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment