Song Title : Mata Kiyadenna (මට කියාදෙන්න)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
සංගීතය : දර්ශන රුවන් දිසානායක
මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුකුළු රවට්ටන්න.
බෑ මට නම් හිනාවෙන්න
ලොවේ මුකුළු රවට්ටන්න
මල් එලා තැනූ සිරියහනක සරසවන්න
කල් බැලූ සිහින අදවත් අරගෙනම වඩින්න //
මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුකුළු රවට්ටන්න
බෑ මට නම් හිනාවෙන්න
ලොවේ මුකුළු රවට්ටන්න
මල් මැරූ ගසට අතු අග මල් පුබුදුවන්න
පතිනියක ලෙසින් කුලගෙයි පාරමී පුරන්න //
මට කියාදෙන්න ඇසේ කඳුළු සඟවගන්න
බෑ හිනාවෙන්න ලොවේ මුකුළු රවට්ටන්න
බෑ මට නම් හිනාවෙන්න
ලොවේ මුකුළු රවට්ටන්න
0 comments:
Post a Comment