Magen Bidila Song Lyrics - මාගෙන් බිඳීලා ගීතයේ පද පෙළ

Magen Bidila Song Lyrics - මාගෙන් බිඳීලා ගීතයේ පද පෙළ
Song Title : Magen Bidila (මාගෙන් බිඳීලා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි (සුපර් ගෝල්ඩන් චයිම්ස් සමග)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1975 දී නිකුත් කළ "මට ඔබ ලියූ ගී" තැටියට ඇතුළත් වූ ගීයකි. (EP 1975 Shans / Shans - 1111)


මාගෙන් බිඳීලා
මාගෙන් මිදීලා
ජීවිතේ පැතුම්
ආදරේ සුසුම්
මාගෙන් බිඳීලා
මාගෙන් මිදීලා

ඊයේ වාගේ මතකයේ රැඳීලා
දැන් නම් සිහිනේ ඉරිතලා බිඳීලා
ඈ ගිය හැටී
හදෙහී ගැටී
කඳුළක් වෙලා
දෙනෙතින් වැටී

මාගෙන් බිඳීලා
මාගෙන් මිදීලා
ජීවිතේ පැතුම්
ආදරේ සුසුම්
මාගෙන් බිඳීලා
මාගෙන් මිදීලා

මාගෙන් වෙන්වී සැනසුමක් සොයා ගියා
කවුදෝ කී දේ මතකයේ ඇඳී ගියා
ඈ ගිය හැටී
හදෙහී ගැටී
කඳුළක් වෙලා
දෙනෙතින් වැටී

මාගෙන් බිඳීලා
මාගෙන් මිදීලා
ජීවිතේ පැතුම්
ආදරේ සුසුම්
මාගෙන් බිඳීලා
මාගෙන් මිදීලා

මාගෙන් බිඳීලා
මාගෙන් මිදීලා

ජීවිතේ පැතුම්
ආදරේ සුසුම් ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment